සිතාසිය සහ නොතීසිය අතර වෙනස.

Law and Society Trust Sri Lanka
By Wayomi May 19, 2022 11:33 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

News වලින් අහන්න දකින්න ලැබෙන දෙයක් තමයි අරයට මෙයාට සිතාසි සහ නොතිසි නිකුත් කළා කියන එක. සමහරු හිතන් ඉන්නේ මේ දෙකම එකක් කියලා. හැබැයි මේ දෙක දෙකක්. ඉතින් අපි බලමු මේ දෙකේ වෙනස මොකක්ද කියලා.

සිතාසිය සහ නොතීසිය අතර වෙනස

සිතාසියක් කියන්නේ කිසියම් පුද්ගයලයෙක් වරදකරුවෙක් කියලා චෝදනා නැගෙන එහෙම නැත්නම් සැක කෙරෙන අවස්ථාවකදී නිකුත් කරන ලේඛනයක්. සිතාසියක් සාමාන්‍යයෙන් දෙන්නෙ නඩුවෙ පාර්ශ්වයක් වෙන කෙනකුට. ඒකෙන් විධානය කරන්නේ අදාළ පුද්ගලයා "අධිකරණයේ පෙනී සිටිය යුතුයි" යන්නයි. ඒ අනුව සිතාසියක් ලැබෙන කෙනෙක් සිතාසියේ තියෙන දවසට අධිකරණයේ පෙනී සිටිය යුතුයි.


එතකොට නොතීසිය නිකුත් කරන්නෙ යම් පුද්ගලයෙක් වරදකරුවෙක් කියලා සලකන්න කලින්, ඒ කියන්නේ හඳුන්වන්න කලින්. නොතීසියකදි කෙරෙන්නෙ යම් කරුණක්, ඉල්ලීමක් ගැන පුද්ගලයෙකුට සාමාන්‍යයෙන් අවවාදයක්, එහෙමත් නැත්නම් දැනුම්දීමක් කිරීම.


මේ අනුව සිතාසිය ලැබෙන්නේ විත්තිකාරකුට පමණක් වන අතර නොතීසිය ඕනෑම කෙනකුට යවන්න පුළුවන්.