සිසුවියක් පොල් මද කෑම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්..! උපකාර ඉල්ලීමටත් විශේෂ දුරකථන අංකයක්..
දරිද්‍රතාවය හේතුවෙන් සිසුවෙකු දිවා ආහාරය සඳහා කලටි පොල් මද අනුභව කිරීමේ සිද්ධිය අසත්‍ය තොරතුරක් බවට වාර්තාවී තිබෙනවා. කෙසේ වෙතත්, එවැනි තත්ත්වයකට මුහුණ දෙන ඕනෑම දරුවෙකුට හෝ පවුලකට සහය වීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.
ඒ වෙනුවෙන් වන උපකාර සඳහා 0114354647 ක්ෂණික ඇමතුම් අංකය අමතන ලෙසට ජනතාවට දැනුම් දෙනවා. මිනුවන්ගොඩ අධ්‍යයන කලාපයේ කණිෂ්ඨ ද්විතීයික පාසලක සිසුවියක් පාසල් දිවා ආහාර විවේකයේදී කලටි පොල් මද ආහාරයට ගන්නා ආකාරය ඇගේ පන්ති භාර ගුරුවරිය විසින් දැක තිබු බවටයි වාර්තා වුයේ.
පසුව එම ගුරුවරිය මේ පිළිබඳව ආචාර්ය මණ්ඩලයේ සෙසු පිරිසට ද දැනුම් දී අදාළ දැරිය ඇතුළු තවත් ළමුන් කිහිපදෙනෙකුට ආහාර සපයාදීමටයි කටයුතු කර ඇත්තේ. අදාළ සිසුවිය 9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර පාසලේ ශිෂ්‍ය නායිකාවකු ද වන ඇගේ පියාට ස්ථිර රැකියාවක් නොමැති බවත් වාර්තා වුණා.
මේ අතර මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසලක ශිෂ්‍ය නායිකාවක් දිවා ආහාරයට කලටි පොල් මද රැගෙන ආ බවට මාධ්‍යවල වාර්තා වූ පුවත පිළිබඳ මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ සිය අධ්‍යාපන කලාපයේ කිසිදු පාසලක එවැනි සිදුවීමක් වී නොමැති බවට සනාථ කරගත් බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |