ක්‍රිෂ් ගනුදෙනු නඩුව - නාමල් රාජපක්ෂ ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්
ආන්දෝලනාත්මක ‘ක්‍රිෂ්’ ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර ඇති නඩුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඔක්තෝබර් 6 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (29) නියෝග කළේය.
බන්ධනාගාරගතව සිටින නාමල් රාජපක්ෂ මහතා අද උදෑසන කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබුවේ ‘ක්‍රිෂ්’ ගනුදෙනුවට අදාළ නඩු කටයුතු සහ එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවය.
‘ක්‍රිෂ්’ ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවේ සිව්වන සැකකරු ලෙස නාමල් රාජපක්ෂ මහතා නම් කර තිබේ.
මේ අතර, එයාර්බස් ගනුදෙනුවට අදාළ නඩුව සම්බන්ධයෙන්ද නාමල් රාජපක්ෂ මහතා ඔක්තෝබර් 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වේ.