ලංකාව ගැන ඇමරිකානු තානාපති කාර්යාලයෙන් අනතුරු ඇඟවීමක්..!

May Day Sri Lanka Economic Crisis SL Protest United States Embassy in Sri Lanka
By Sewvandhi May 01, 2022 08:37 AM GMT
Report

කොළඹ නගරය ආශ්‍රිතව පැවැත්වෙන මැයි දින රැළි සහ පෙළපාලි සම්බන්ධයෙන් මෙරට සංචාරය කරන අමෙරිකානුවන් සඳහා අමෙරිකානු තානාපති කාර්යාලය අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

රට තුළ පවතින ආර්ථික අර්බුදයට විරෝධය පළ කරමින් අද (01) දියේ කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල පෙළපාලි සහ පාගමන් රැසක් සංවිධානය කර ඇති බව අමෙරිකානු තානාපති කාර්යාලය පෙන්වාදෙයි.

මේ හේතුවෙන් මාර්ගවල වාහන ගමනාගමනය බාධා එල්ල විය හැකි අතර මාර්ග වසාතැබීම මෙන්ම රථවාහන තදබදයන් ඇති වීමේ හැකියාව පවතින බව එම නිවේදනයේ සඳහන්ය. 

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් කොළඹ නගරය සහ ඒ අවට ප්‍රදේශවල අද දිනයේ සංචාරයව කිරීමෙන් වළකින ලෙස අමෙරිකානු තානාපති කාර්යාලය දැනුම් දී ඇත.

මේ අතර අද දිනයේ මැයි පෙළපාලි සහ රැළි පැවැත්වෙන ප්‍රදේශවල මත්පැන් අලෙවිසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. අද දහවල් 12 සිට කොළඹ සහ නුගේගොඩ ආශ්‍රිත ප්‍රදේශවල මත්පැන් අලෙවිසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now