උසස් පෙළ විභාගයේ කාලය සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්..!
education
Sri Lanka
A/L students
L.M.D.Dharmasena
By Sewvandhi
උසස් පෙළ විභාගය පැවැත්වීමේදී තමන්ගේ වේලාව නිවැරදිව ඉලෙක්ට්‍රොනික ඔරලෝසුවක් මගින් සකස් කර ප්‍රදර්ශනය කරන ලෙස සියලුම විභාග ශාලාධිපතිවරුන්ට නිත්‍ය නියෝගයක් පනවා තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා අවධාරණය කරනවා.
ඒ අනුව විභාගය පවත්වන අවස්ථාවේදී පන්ති කාමරය භාරව සිටින ගුරුවරුන් හරහා නියමිත වේලාව දැනගෙන සිය ඔරලෝසුවේ වේලාව නිවැරදිව සකස් කරගන්නා ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාලවරයා දරුවන්ගෙන් ඉල්ලීමක් කළා.
මේ අතර උසස් පෙළ විභාගය සම්බන්ධ යම් ගැටලුවක් පවතීනම් 1911 දුරකථනය අංකය අමතන ලෙසද එල්.එම්.ඩී. ධර්මසේන මහතා මෙහිදී ඉල්ලීමක් කළා. මීට අමරතව 011 2 784 208 / 011 2 784 537 යන අමතන ලෙසද විභාග කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී සදහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |