ලෙඩකදී කන්න බැරී හැමෝම ඉල්ල ඉල්ලා කන නූඩ්ල්ස් සුප් හදමු.
Healthy Food Recipes
Sri lanka Food Recipes
Sri Lanka Food Crisis
By Subodha
උනක් හෙම්බිරිස්සාවක් හැදුනත් අපි කියන්නේ කන්න බෑ අප්පිරියයි වගේ දේවල් කන්න බැරි කන්න පුළුවන් හැමෝටම කන්න පුළුවන් රස කෑමක් තමයි සුප් කියන්නේ මම අද මේ කියන්න යන්නේ රසම රස නූඩ්ල්ස් සුප් හදා ගන්න විදියක් ගැනයි. ඉතුරු උන නූඩ්ල්ස් එක් කරල රසවත් සුප් එකක් හදාගන්නත් පුළුවන්. තමන් කැමති විදියට සැරට උකුවට පොඩ්ඩක් දේවල් එහෙ මෙහෙ කරගන්න.
මෙන්න රෙසිපි එක.
අවශ්‍ය ද්‍රව්‍ය -
- නූඩ්ල්ස් කප් 1
- ඉඟුරු කෑල්ලක්( අවශ්‍ය නම් පමණක්)
- සුදුළූණු බික් 2ක්
- චිකන් ස්ටොක් කප් 2
- කොටු කපාගත් කැරට් ටිකක්
- කපා ගත් බෝංචි
- පොතු ඇර ගත් අල ගෙඩියක්
- ගෝවා කැබැල්ලක්
- ගම්මිරිස්
- ලුණු
සාදන අයුරු -
- මුලින්ම පොතු ඇර ගත් අල ගෙඩිය තරමක් විශාල කැබලි වලට කපා ගන්න. පසුව භාජනයක් ලිප මත තබාගෙන කොටු කපාගත් කැරට්, කපා ගත් අල, ගෝවා, කපා ගත් බෝංචි, චිකන් ,ලුණු දමා අවශ්‍ය නම් පමණක් ඉඟුරු කෑල්ලක් දමා ගන්න ජලයද දමා තැම්බෙන්න ලිප මත තබන්න. පසුව සුදුළූණු බික් පොඩිවට තලා එයට දමන්න. සියල්ල තැම්බීමෙන් පසු නූඩ්ල්ස් කප් 1 හා ගම්මිරිස් දමා ඇති පදමට ආ පසු ලිපෙන් බා ගෙන මදක් නිවුනයින් පසු පානය කරන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග |