විශ්වාසභංගය සහ දෝෂාභියෝගය මැතිසබයට යොමු කරන දිනය මෙන්න.. - හරීන්ගෙන් මැයි රැළියේදී විශේෂ ප්‍රකාශයක්
ජනතා විමුක්ති පෙරමුණ මෙවර මැයි දින පෙළපාලි සහ රැළි කොළඹ, මාතර, අනුරාධපුරය සහ යාපනය ප්‍රදේශවලදී පැවැත්වුවා. ප්‍රධාන මැයි දින විරෝධතාව පැවැත්වුණේ කොළඹ කොටුව දුම්රියපොල ස්ථානය ඉදිරිපිටදීයි. එහිදී අදහස් පළ කළ එම පක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසුවේ පවතින ගැටළු හමුවේ ආණ්ඩුවේ නායකයන්ට ජනතාව ඉදිරියට පැමිණීමට නොහැකිව ඇති බවයි.
මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එම පක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසුවේ
මේ අතර නිදහසේ අරගලය තේමාව යටතේ සමගි ජනබලවේගය සංවිධාන කළ මැයි දින රැළිය පැවැත්වුණේ කොළඹ නිදහස් චතුරශ්‍රයේදීයි. ඒ, බොරැල්ල කැම්බල් පිටියේ සිට පැමිණි පා ගමනකින් අනතුරුවයි. එහිදී අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පැවසුවේ ආණ්ඩුවට එරෙහිව ගෙන එන විශ්වාස භංගයත් දෝෂාභියෝගයත් අනිද්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජනබලවේගයේ මැයි රැළිය ඇමතුවේ ඉන් අනතුරුවයි
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |
.