ගිනි තැබූ නිවස බලන්න ගිය ලන්සා..(VIDEO)
ගිනි තැබූ නිවස බලන්න මන්ත්‍රී ලාන්සා යයි කලහකාරීන් විසින් නිමල් ලාන්සා මන්ත්‍රීවරයාගේ නිවසට පහර දී ගිනි තබන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී. පසුගිය මැයි 9 වනදා ඇතිවූ කලහකාරී වාතාවරණයේදී හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාගේ මීගමුව, දළුපත ප්‍රදේශයේ පිහිටි නිවාස දෙකටද දැඩි අලාභහානි සිදුකර තිබූණි.
හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා අද (22) එම නිවාසවල තත්ත්වය බැලීමට පැමිණි බව අප වාර්තාකරු පැවසීය. එහිදී අදහස් දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා,
"යම් සංවිධානාත්මක පිරිසක් සංවිධානාත්මකව තරුණ මනස ප්‍රචණ්ඩත්වයට යොමු කරලා සිද්ධ වුන දෙයක්.පෙට්‍රල් බෝම්බ ගහන්න බැහැ සාමාන්‍ය අයට. එවැනි දෙයක් කරන්න කලින් සැලසුම් කරලා තියෙන්න ඕනේ. අවුරුදු 33ක් තිස්සේ මහන්සි වෙලා ගොඩනගාගත් දේවල් තමයි එක රැයින් සියල්ලක් විනාශ කරලා තියෙන්නේ. මේ විනාශය දැක්කාම විශාල දුකක් ඇතිවෙනවා. විනාශ වුණ දේවල් අපිට ශක්තිය තියෙනවා ගොඩනගාගන්න. සියලුම ඇණමුරිච්චි ඉඳන් ගලවගෙන ගිහින් තියෙනවා. සියලුම ඇඳුම් පැළඳුම් පවා අරගෙන ගිහින් තියෙනවා.
ඒ නිසා මේක මන්කොල්ලයක්. මේක ත්‍රස්ථවාදී සංවිධානයක් ක්‍රියාකරන ආකාරයට ක්‍රියාකළ යම් පිරිසක් තමයි මේ කටයුත්ත කරලා තියෙන්නේ. මේ අය ආපුවම අපේ හිටපු අය කිව්වා ඉස්රලාම CCTV කැමරාවල තියෙන සියලුම දත්ත පටිගතවෙන ඒවා පටිගත නොවෙන්න කටයුතු කරලා තියෙනවා.
ඊට පස්සේ විදුලි බලය සියල්ලක් විසන්ධි කරලා තියෙනවා. රත්තරන් මුදල් තියෙනවානම් ප්‍රධාන අය මන්කොල්ල කාලා තියෙනවා. ඒක තමයි සැලසුම් සහගතව සිද්ධ වුණ දේවල්. මම කිසිකෙනෙක්ට මේ අවස්ථාවේදී ඇඟිල්ල දිගු කරන්නේ නැහැ. නමුත් අපේ නීති අංශය, මම හිතන්නේ පොලීසිය ඒ හා සම්බන්ධ කටයුතු කරන සියලුදෙනා සොයාගෙන යනවා මේක පිටිපස්සේ කවුද හිටියේ කියලා. හැබැයි මම පැහැදිලිව කියනවා යම් සංවිධානයක් සිටිය යුතුමයි."
මැයි 09වැනිදා දිවයින පුරා සිදු වූ ප්‍රචණ්ඩක්‍රියාවලට සම්බන්ධ සැකකරුවන් 1,500 දෙනකු පමණ අත්අඩංගුවට ගෙන ඉන් 677 දෙනකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා අද ප්‍රකාශ කළේය.
මේ අතර, මැයි 9 වනදා ඇතිවූ කලහකාරී වාතාවරණය හමුවේ නිවාස හානි වූ මහජන නියෝජිතයින් කිහිපදෙනකු ඊයේ (21) සහ අද (22) තම නිවාසවල තත්ත්වය බැලීමට ගොස් තිබුණි. දිගාමඩුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.වීරසිංහ මහතාද පසුගියදා ගිනිබත් කළ නිවස බැලීමට අද පැමිණියේය.
ගිනි තබා විනාශ කර තිබූ වාරියපොළ පිහිටි සිය නිවස බැලීමට හිටපු රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතාද ගොස් තිබුණි. ඒ අතර පසුගියදා හානි වූ ගාල්ල හපුගල පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතාගේ නිවසේ අද දානමය පිංකමක් පැවැත්වුණි. මෙලෙස පැවැත්වුණේ මන්ත්‍රිවරයාගේ පියාණන්ගේ තෙවර්ෂ පූර්ණ පිංකමයි.
(වීඩියෝ අයිතිය - අද දෙරණ)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |