කවුරුත් ආසාවෙන් කන ජෙලි නිල්කටරොළු වලින් හදමු..

Healthy Food Recipes Sri lanka Food Recipes Sri Lanka Food Crisis
By Subodha Aug 11, 2022 11:27 AM GMT
Subodha

Subodha

in රචනා
Report

නිල් පැහැති ඉතා වර්ණවත් පුෂ්පයක් වන නිල් කටරොළු මල සංස්කෘත භාෂාවෙන් ගිරිකර්ණිකා , අපරිජිතා, ගේ කූරනි යන නම් වලින්ද ,ඉංග්‍රීසි භාෂාවෙන් butterfly-pea යන නමින්ද හඳුන්වනු ලබනවා. බොහෝ මිනිසුන් මේ මල් යොදාගන්නේ පුද පූජා පැවැත්වීම සඳහායි. නමුත් දිව්‍යමය ඖෂධයක් ලෙස සැලකෙන මෙම නිල් කටරොළු ශාකය වටිනා ගුණාංග රාශියකින් යුක්තයි.ඒ නිසාම දැන් මිනිසුන් විවිධ ආහාර වර්ග සෑදිමටද පුරුදු වි ඇත. අද අපි බලන්න යන්නේ නිල් කටරොළු වලින් ජෙලි හදා ගන්නේ කොහොමද කියායි.  

අවශ්‍ය ද්‍රව්‍ය-

  • නිල්කටරොළු මල්
  • උණුවතුර වතුර කෝප්ප 1ක්
  • ජෙලටින් මේස හැඳි 1
  • කැමති එසන්ස් වර්ගයක්
  • වැනිලා ස්වල්පයක්
  • සීනි කෝප්ප 1/2

සාධන අයුරු-

  • උණුවතුර වලට නිල්කටරොළු මල් දාලා තැම්බෙන්න තියන්න. විනාඩි 20කට පස්සෙ මල් ටික මිරිකලා පෙරලා ගන්න. දැන් මේකට තවත් වතුර කෝප්ප එකක් දාලා ලිපේ තියන්න. ඒ අතරෙ ජෙලටින් ටික වතුර ටිකක් දාලා පෙඟෙන්න තියන්න. ලිපේ තියපු මල් යුෂ වලට සීනි දාලා දියකරන්න. ටිකකින් ජෙලටින් ටිකත් දාලා හොඳට දියකරගන්න. හොඳට හැඳිගාලා විනාඩි 7කින් ව්තර වැනිලා හා එසන්ස් බිංදුවක් දාලා ලිපෙන් බාගන්න. දැන් මේක නිවෙන්න තියලා බෝල් එකකට දාලා ෆ්‍රිජ් එකේ සෙට් වෙන්න තියන්න.   


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග 
Join now