ඉදිරි සති දෙකේ ගුරුවරු දැඩි තීරණයක් ගන්න යයි!!!

Sri Lanka Education Teachers Picketing Salary problems
By Aruna Jan 27, 2022 03:52 AM GMT
Report

සති දෙකක් ඇතුළත වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ලබා නො දුන හොත් ඉදිරියේ දී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තීය සංගමය පවසනවා.

අදාළ ගැටලුව සම්බන්ධයෙන් බලධාරීන් සමඟ කඩිනමින් සාකච්ඡාවක් අවශ්‍ය බවයි එහි සභාපති නීල් එස්. අතුකෝරල මහතා වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර ලබන හෙට(28) වනදා දිවයින පුරා සංකේත වැඩවර්ජනයක නිරත වීමට විදුහල්පති සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.

ඒ මේ මස 5 වනදා ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කරමින් නිකුත් කෙරුණු චක්‍රලේඛය මගින් විදුහල්පතිවරුන්ට නව වැටුප් විෂමතාවක් හට ගෙන ඇති බව පවසමින්.

එහිදි එකම දින පත්වීම් ලැබ සමාන සුදුසුකම් සහිත ගුරුසේවයේ නිරත නිලධාරීන්ට විදුහල්පති සේවයේ නිළධාරීයාට වඩා වැඩි වැටුප් වැඩිවීමක් හිමිවී ඇති බව විදුහල්පති සමිති සන්ධානය ප්‍රකාශ කළා.

මේ අතර, ගුරු - විදුහල්පතිවරුන්ගේ වැටුප් ඉහළ දැමීමට සාපේක්ෂව අධ්‍යාපන පරිපාලන හා ගුරු අධ්‍යාපනඥ සේවා වල ද වැටුප් වැඩි කරන ලෙස බල කරමින් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා සංගමය ඊයේ අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වුණා.

එය දැඩි කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම සංගමයේ නියෝජිතයින් ඊයේ රාත්‍රියේ රැස්වී සාකච්ඡාවක නිරත වූ බවද වාර්තා වනවා.

මේ අතර, හෙද, පරිපුරක සහ අතුරු වෛද්‍ය සේවා ඇතුළු සෞඛ්‍ය වෘත්ති සමිති ඊයේ බස්නාහිර පලාත තුළ ආරම්භ කළ සංකේත වර්ජනයෙන් කොළඹ ජාතික රෝහල ඇතුළු බස්නාහිර පලාතේ රෝහල් බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර ලබාගැනීම සදහා පැමිණි රෝගීන් දැඩි අපහසුතාවයට පත්වුණා.

වෘත්තිය සමිති 16ක සේවකයින් මෙලෙස ඊයේ සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළේ, වැටුප් සහ උසස්වීම් ගැටලුවලට විසදුම් ලබාදීම ඇතුළු ඉල්ලීම් 07ක් මුල්කරගිනිමින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now