සතුටුදායක ආරංචියක් - නවසීලන්තයෙන් ලංකාවට පිරිනමන අලුත්ම දේ මෙන්න..
Sri Lanka Economic Crisis
Sri Lanka
Government Of Sri Lanka
New Zealand
By krishani
ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටින මෙරට ගොවීන්ට සහය වීමට සහ අවදානම් කාණ්ඩයේ ළමයින්ට ආහාර ලබාදීම සඳහා නවසීලන්ත ඩොලර් 500,000ක මූල්‍යාධාරයක් පිරිනමන බව එරට විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේ ය.
නවසීලන්ත විදේශ අමාත්‍යවරිය වන නනයියා මහුටා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කළේ එම මූල්‍යාධාරය ලෝක ආහාර වැඩසටහන සහ එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය හරහා ශ්‍රී ලංකාවට ලබාදෙන බවය.
මෙමගින් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර වසර 30 කට අධික කාලයක් පවතින සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් වන බවත්,එම කාලය තුල නවසීලන්තය විසින් ශ්‍රී ලංකාවට නවසීලන්ත ඩොලර් මිලියන 25.07ක සංවර්ධන ආධාර ලබා දී ඇති බවත් ඇය වැඩිදුරටත් සදහන් කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |