ආරක්ෂක,මහජන ආරක්ෂක,මුදල් අමාත්‍යාංශ වලට ලේකම්වරු පත් කෙරෙයි

Kamal Gunaratne Parliament of Sri Lanka Sri Lanka Economic Crisis Ministry of Defense Sri Lanka
By Sewvandhi May 11, 2022 10:07 AM GMT
Report

ආරක්ෂක, මහජන ආරක්ෂක සහ මුදල් අමාත්‍යාංශවල ලේකම්වරු එම තනතුරු සඳහා ජනාධිපතිවරයා විසින් අද (11) සිට නැවතත් පත් කරනු ලැබ සිටිති.

මේ අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතාද මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතාද මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස කේ .එම් මහින්ද සිරිවර්ධන මහතාද පත් කරනු ලැබ ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.

ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යෑම සඳහා ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මෙම පත් කිරීම කළ බවද එම කාර්යාලය සඳහන් කරයි. කැබිනට් මණ්ඩලය අහෝසිවීමත් සමග මෙම ලේකම් ධූරවල බලතලද අහිමිවිය. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now