හදිසි අවස්ථාවක පොලීසිය දැනුවත් කිරීමට නව ජංගම යෙදවුමක්

Sri Lanka Police Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Sep 10, 2026 01:00 PM GMT
Report

හදිසි අවස්ථාවකදී කඩිනමින් පොලීසිය දැනුවත් කිරීම සඳහා “Sri Lanka Police App” නමින් නව ජංගම යෙදවුමක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා පොලීසිය පියවර ගෙන තිබේ.

ජාතික හැඳුනුම්පතක් හිමි ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට මෙම යෙදවුම සඳහා ලියාපදිංචි විය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේය.

යෙදවුමේ ඇති SOS බොත්තම තත්පර 10ක් ක්‍රියාත්මක කිරීමෙන්, හදිසි අවස්ථාවට මුහුණ දී සිටින පුද්ගලයාගේ ස්ථාන තොරතුරු ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත කඩිනමින් යොමු කිරීමට හැකියාව පවතින බවද ඔහු පැවසීය.

119 හදිසි ඇමතුම් අංකය හරහා පොලීසිය දැනුවත් කිරීමට අමතරව, මෙම යෙදවුම මගින්ද හදිසි අවස්ථාවකදී පොලීසිය වෙත තොරතුරු ලබාදිය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

විදේශගත ශ්‍රමිකයින්ගේ මරණ වන්දි මුදල ලක්ෂ 20 දක්වා ඉහළට

විදේශගත ශ්‍රමිකයින්ගේ මරණ වන්දි මුදල ලක්ෂ 20 දක්වා ඉහළට

දරුවෙකු අනතුරකට හෝ වෙනත් කරදරයකට මුහුණ දී ඇති අවස්ථාවකදී පවා මෙම යෙදවුම හරහා පොලීසිය දැනුවත් කළ හැකි අතර, එවැනි අවස්ථාවලදී කඩිනමින් ක්‍රියාත්මක වීමට පොලීසියට හැකියාව පවතින බවද ඔහු පැවසීය.

Play Store හරහා Sri Lanka Police App වෙත පිවිස ලියාපදිංචි විය හැකි අතර, ජාතික හැඳුනුම්පතක් හිමි දරුවන්ටද මෙම යෙදවුම සඳහා ලියාපදිංචි වීමට අවස්ථාව ලබාදී තිබේ.

එමෙන්ම යෙදවුම අවභාවිත කිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. 2025 වසරේදී 119 හදිසි ඇමතුම් අංකය අවභාවිත කළ පුද්ගලයින් 91 දෙනෙකුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.   

යෝෂිතට එරෙහි නඩුවේ බොරු සාක්ෂි දුන් බව කියන සාක්ෂිකරුට එරෙහිව පියවර

යෝෂිතට එරෙහි නඩුවේ බොරු සාක්ෂි දුන් බව කියන සාක්ෂිකරුට එරෙහිව පියවර