නව ඇමතිවරුන්ට වැටුප් නෑ - අගමැතිගෙන් විශේෂ සටහනක්..!
Parliament of Sri Lanka
Ranil Wickremesinghe
Sri Lanka Economic Crisis
Prime minister
By Sewvandhi
අද දිවුරුම් දෙනු ලැබූ නව ඇමති මණ්ඩලය කිසිදු වැටුපක් ලබා නොගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
එමෙන්ම ඇමතිවරුන්ට ඇති වරප්‍රසාද අඩු කිරීමට ද සාකච්ඡා කර ඇති බවයි අග්‍රාමාත්‍යවරයා සිය නිල ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශකර ඇත්තේ.
සර්ව පාක්ෂික රජයේ නව කැබිනට් අමාත්‍යවරුන් 9 දෙනෙකු අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේදී දිවුරුම් දුන්නා. ඒ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදීයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ පාර්ලිමේන්තුවේදී ද අදහස් දක්වමින් ප්‍රකාශ කළේ නව කැබිනට් අමාත්‍යවරුන්ට ඔවුන්ගේ වැටුප් නොගෙවන බවයි.
මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ද කපා හරින බව ඔහු සඳහන් කර තිබුණා. මීට පෙර අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් අඩකින් අඩු කිරීමට සහ වෙනත් ආයතනවලින් ලබාගෙන තිබූ වාහන 16ක් ද යළි භාරදීමටයි අගමැති රනිල් වික්‍රමසිංහ පිය ගෙන තිබුණේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |
