නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය කවුද..? දිවුරුම් දීමට සැරසෙන හතර දෙනෙක් ගැන ඉඟියක්..!

Parliament of Sri Lanka Dinesh Gunawardena Sri Lanka Cabinet Prasanna Ranatunga
By Sewvandhi May 14, 2022 07:57 AM GMT
Report

අලුත් ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයට පත්කෙරෙන බවට පැවසෙන 4දෙනෙකුගේ නම් මේ වනවිට අනාවරණය වී ඇතැයි වාර්තා වෙයි. දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ ඔවුන් කඩිනමින් දිවුරුම් දෙනු ඇති බවය.

ඒ අනුව කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව ජනපති සහ අගමැති සමග 20කට සීමා කෙරෙනු ඇති බවටද වර්තා වෙයි.

පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා,  සංචාරක අමාත්‍යවරයා ලෙස ප්‍රසන්න රණතුංග මහතා, විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස කංචන විජේසේකර මහතා, විදේශ අමාත්‍යවරයා ලෙස මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා එලෙස දිවුරුම්දීමට නියමිත බවද පැවසෙයි.

දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ සභානායක ලෙස ද ප්‍රසන්න රණතුංග මහතා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ද පත්කිරීමට නියමිතව ඇති හෙයින් ඔවුන් මුලින්ම අමාත්‍ය ධුරයන්හි දිවුරුම්දීමට නියමිතව ඇති බවද වාර්තා වෙයි.

ඊට අමතරව ආයතන වැඩි සංඛ්‍යාවක් ඇති අමාත්‍යාංශ සඳහා පමණක් නියෝජ්‍ය ඇමතිවරුන් පත්කිරීමට නියමිතය. කෙසේවෙතත් එළඹෙන 17 වනදා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර ඊට ප්‍රථම කැබිනට් මණ්ඩලය දිවුරුම්දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පැවසීය. එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසන්නේ පක්ෂයේ ස්වාධීනත්වය ආරක්ෂා කරගනිමින් රටේ ආර්ථික තත්ත්වය ගොඩනැගීම සඳහා සෑම සහායක්ම ලබාදෙන බවය.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමෙන්තු මන්ත්‍රී කණ්ඩායම සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් ජනාධිපති මන්දිරයෙදී පවත්වා තිබේ.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now