විභාගය වෙනස්වෙයි - අගමැතිනියගෙන් ප්‍රකාශයක්
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් ඉදිරියේදී විභාග ක්‍රමය වෙනස්කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ අදහස් පළ කරනු ලැබුවා.
අගමැතිවරිය පවසා සිටියේ ජාතික අධ්‍යාපන ආයතනය, පාසල් පැවැත්වෙන කාලය උදෑසන 8.00 සිට 4.00 දක්වා දීර්ඝ කරන ලෙස යෝජනා කර තිබුණද ඒ සඳහා දායක වන අනෙකුත් පද්ධති තවමත් එයට සූදානම් නොමැති නිසා එය තරමක අපහසු කාරණයක් බවයි.
ඇය සඳහන් කළේ කාල පරිච්ඡේදය, පවතින කාලසීමාවට වඩා දීර්ඝ කිරීමට අපේක්ෂා කරන බවයි.
අග්‍රාමාත්‍යතුමිය පවසන්නේ විභාග අන්තර්ගතය පාසල් සිසුන්ට පීඩාකාරී නොවන ආකාරයෙන් වෙනස් කිරීමේ ක්‍රියාවලිය 2028 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.
වාර විභාග සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගැනීම සඳහා හෙට දිනයේදී සාකච්ඡාවක් පැවැත්වෙන බවත් එහිදී සඳහන් කළා.
අගමැතිතුමිය වැඩිදුරටත් සඳහන් කළේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්වය අහෝසි කිරීමට තීරණයක් ගෙන නොමැති බවයි.