තවත් බිහිසුණු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට..! අදදින තැන තැන සිදුවූ බිහිසුනු වෙඩිතැබීම්..

Sri Lanka Police Sri Lanka Police Investigation Crime Branch Criminal Investigation Department Crime Gun Shooting
By Sewvandhi Feb 10, 2024 03:50 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය පැවසුවේ, මීගමුව, ගල්කන්ද හන්දියේ සිදුකළ වෙඩිතැබීමකින් මෙලෙස පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මේ අතර,අද (10) පස්වරුවේ  මහකුඹුක්කඩවල, සෙම්බුකුළිය ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුකර තිබේ. එම වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා පුත්ලම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබුණි.

පසුව තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂය පත්වූ බව පොලීසිය පැවසීය. ඉඩම් ආරවුලක් හේතුවෙන් එම වෙඩිතැබීම සිදුකර ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම, මල්වතු හිරිපිටියේ බටේපොළ ප්‍රදේශයේ අද (10) සිදු වූ වෙඩි තැබීමෙන් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

අදාළ පොලිස් නිලධාරියා බටේපොළ නගරය හරහා ගමන් ගත් සැකකටයුතු ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීමේදී ත්‍රිරෝද රථයේ රියැදුරු පොලිස් නිලධාරීන්ගෙන් මිදී පලායාමට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී පොලිස් නිලධාරීන් සහ අදාළ පුද්ගලයා අතර පොර බැඳීමක් සිදුව ඇති අතර ඔහු පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියක් උදුරාගෙන වෙඩි තබා පලා ගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ අදාළ සැකකරු වෙඩි තැබීම සඳහා භාවිත කළ ගිනි අවිය ද රැගෙන පලා ගොස් ඇති බවයි.

කෙසේ වෙතත් අදාළ සිදුවීමෙන් බරපතළ තුවාල ලැබූ පොලිස් නිලධාරියා වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ මහ රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරු කර ඇති බවයි වාර්තා වන්නේ. පොලිසිය සඳහන් කළේ අදාළ සැකකරු සොයා වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරන බවයි.