පාලමකින් මතුවූ හිස්කබල..

Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Oct 15, 2023 03:28 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

අද (15) උදෑසන 10.30ට පමණ, ගංවතුර තත්ත්වය නිරීක්ෂණයට ගිය සපුගස්කන්ද අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට මියගිය පුද්ගලයෙකුගේ යැයි සැකසහිත හිස්කබලක් හමුවී තිබේ.

සපුගස්කන්ද පොලිස් වසමේ සියඹලාපේ, ගලහිටියාව පාලම ආසන්නයට ගොස් ඇති එස්.එල්. මුතුකුමාරණ මහතාට මෙම හිස්කබල හමුව තිබෙනවා.

ඒ අනුව, එම හිස්කබල අංගොඩ දී මරා දැමුණු කාන්තාවගේ හිස දැයි සොයා මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, මහර මහෙස්ත්‍රාත්වරයා පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදුකිරීමෙන් පසු හිස්කබල DNA පරීක්ෂණයකට යොමු කර අදාළ කාන්තාවගේ හිස දැයි තීරණය කරන බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ, එම කාන්තාව ඝාතනය කළ සැකකරුවන් කළ පාපොච්චාරණයෙන් පසු මෙම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් දියත් කළ ද පැවති අධික වර්ෂාව හේතුවෙන් හිස්කබල හමුනොවූ බවය. සපුගස්කන්ද පොලීසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.