යුවලකට තියුණු ආයුධයකින් පහර දෙයි සැමියා අවසන් ගමන් යයි - බිරිඳ රෝහලේ..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Oct 09, 2022 11:19 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

නාවලපිටිය – ඉඟුරුඔය ප්‍රදේශයේදී යම් පුද්ගලයෙකු යුවලකට තියුණු ආයුධයකින් පහර දී ඇති අතර බරපතල තුවාල ලැබූ ඔවුන් දෙදෙනා රෝහල් ගත කිරීමෙන් පසුව සැමියා මියගොස් තිබෙනවා.

ඊයේ(08) පෙරවරුවේ මෙම සිද්ධිය වාර්තා වී ඇති අතර, තුවාල ලැබූ මරණකරු සහ බිරිඳ ඇතුලත් කර තිබුණේ නාවලපිටිය රෝහලටයි.

පසුව ඔවුන් දෙදෙනා වැඩි දුර ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුලත් කර තිබූ අතර ඉන් අනතුරුවයි සැමියා මිය ගොස් තිබුණේ. ඔහු 48 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

ඝාතනය කළ සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු සොයා පොලීසිය මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. සැකකරු යුද හමුදාවේ සේවය කළ අයෙක් බවටයි පැවසෙන්නේ.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now