නවගමුවේ පැට්ටා එළොව යැවූ සෙට් එක STF ද..? එළියට ආ ආන්දෝලනාත්මක හඩපටය - (VIDEO)

Sri Lanka Police Sri Lanka Police Investigation Crime Gun Shooting
By Sewvandhi Feb 13, 2024 04:23 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

අද (13) උදෑසන තඹුත්තේගමදී ,පසුගිය ජනවාරි 10 වනදා නවගමුවේදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ලෙස පෙනීසිටිමින් බුද්ධික ප්‍රසාද් හෙවත් 'පැට්ටා' නමැත්තා ඝාතනය කිරීමට අදාළ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණි.

විමර්ශන මෙහෙයවන බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ අදාළ ඝාතන සිද්ධියේ යතුරුපැදිකරු වන අතර ඝාතනය සඳහා යොදාගත් රිවෝල්වරයද සොයාගෙන ඇත.

පොලීසිය සඳහන් කළේ, ඝාතනය වෙනුවෙන් රුපියල් ලක්ෂ 5ක මුදලක් සැකකරුට ලබාදෙන බවට ඝාතනය මෙහෙය වූ ඩුබායිහි සැඟව සිටින ධනුක අමරසිංහ හෙවත් 'කයිවාරු මුතූ' නමැත්තා පොරොන්දු වුවත් එම මුදල ලබාදී නොමැති බවයි.

කෙසේවෙතත් ඝාතනයේ වෙඩික්කරු බවට සැකකෙරෙන තිළිණ සම්පත් නමැත්තා ධනුක අමරසිංහ විසින් පසුගිය 7 වනදා ඩුබායි රාජ්‍යයට ගෙන්වාගෙන ඇති අතර එහිදී ඔවුන් දෙදෙනා පෙනීසිටි සෙල්ෆි ඡායාරූපයක් ද පොලීසියට ලැබී තිබේ.

'පැට්ටා' නමැත්තාට පැහැරගෙන ගොස් වෙඩිතබා ඝාතනය කිරීමට මොහොතකට පෙර ඝාතකයන් කොන්ත්‍රාත්තුව ලබාදුන් ධනුක අමරසිංහ නැමැත්තාට දුරකථන ඇමතුමක් ද ලබාදී ඇත. 

එම හඬපටය පහතින්..