අත් හා කට ගැට ගැසූ මළ සිරුර ගැන, නවතම තොරතුරු රැසක් එළියට..!

Sri Lanka Police Sri Lanka Crime
By Sewvandhi Dec 19, 2022 10:02 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

අත හා කට ගැටගැසූ ,පානදුර-රත්නපුර මාර්ගයේ නම්බපාන කැටකැරැල්ල පාලම අසළ තිබී සොයාගත් නාඳුනන පිරිමි මළ සිරුරේ අනන්‍යතාව මේ වනවිට හෙළිවී තිබේ. ඔහු කුලී රථ රියදුරෙකු බවට මේ වනවිට අනාවරණය වී තිබේ.

මියගොස් ඇති පුද්ගලයා 48 හැවිරිදි වියේ පසුවන මිනුවන්ගොඩ ගල්ලොලුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු සිය සුඛෝපභෝගී මෝටර් රථය කුලී රථ සමාගම්වල ලියාපදිංචි කර ඉන් ලැබෙන කුලී ගමන් සිදුකර ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.

සිය සොහොයුරාගෙන් දින කිහිපයක සිට ආරංචියක් නොමැත බවට මියගිය පුද්ගලයාගේ සොහොයුරෙකු මිනුවන්ගොඩ පොලීසියට සිදුකරන ලද පැමිණිල්ලකින් පසුව එම සොහොයුරා හොරණ රෝහල වෙත පැමිණ අදාළ ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා තම සොහොයුරා බවට හඳුනාගෙන ඇත.

මියගිය පුද්ගලයා දෛනිකව සිය මවට දුරකථන ඇමතුමක් ලබාදෙන බවත් පසුගිය 12වනදා සිට එලෙස දුරකථනයෙන් අමතා නොතිබීම හේතුවෙන් ඔහුගේ සොහොයුරා මෙලෙස පොලීසියට පැමිණිලි කර තිබේ

. ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ මීට කලකට පෙර ඇතිවූ ආරවුලක් හේතුවෙන් වෙන්ව ජීවත්වන බවද පොලීසියට අනාවරණය වී ඇත. ඇය මේ වනවිට විදේශගතව සිටින බවද පොලීසිය පවසයි.

පසුගිය 15 වනදා ඉංගිරිය නම්බපාන කැටකැරැල්ල පාලම අසළ තැඹිලි වෙළඳාමේ නිරතවන අයෙකු විසින් සිදුකළ දැනුම්දීමකට අනුව පොලීසිය විසින් මෙම මළ සිරුර සොයාගෙන තිබුණි. 

 එහිදී ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ දෙඅත් පසුපසට කර බැඳ තිබූ අතර මියගොස් සිටි පුද්ගලයාගේ මුඛය ද රෙදිකඩකින් බැඳ දමා තිබී ඇත.

මෙලෙස අභිරහස් ලෙස ඝාතනයට ලක්ව ඇති පුද්ගලයාගේ සුඛෝපභෝගී මෝටර් රථය, ජංගම දුරකථනය සහ මුදල් පසුම්බිය මේ වනතෙක් සොයාගෙන නොමැත. ඉංගිරිය පොලීසිය මෙම අභිරහස් ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now