නාමල්ගේ බිරිඳ ඇතුළු 09ක් දැඩි ආරක්ෂක රැකවල් මැද රට හැර යයි...
Mahinda Rajapakshe
Namal Rajapakshe
Gotabaya Rajapakshe
Limini Rajapakshe
Yoshitha Rajapakshe
By Aruna
නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ බිරිය , දරුවා ඇතුළු සමීපතම ඥාතීන් 09 දෙනෙකු පසුගියදා (2) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළෙන් විදේශ ගත වී තිබෙන බවට වාර්තා වනවා.
පෙරේදා (2) දින රාත්‍රී 08.00 ට පමණ මෙම පිරිස දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ තිබුණා .
අවම නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම පිරිස ගුවන් යානය වෙත රැගෙන ගොස් තිබුණි .
මේ පිළිබඳව තොරතුරු බාහිර පාර්ශව වෙත අනාවරණයවීම වළක්වා ගැනීමට ගුවන් තොටුපළ තුළ දැඩි සීමා කිරීම් සිදු කර තිබූ බවටයි වාර්තා වන්නේ.
මේ අතර ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඊයේ(03) රාත්‍රී පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඔහු මෙම තීරණය ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |