පවතින ආර්ථික අර්බුධයට වගකිව යුත්තන් සියල්ලන්ම නාමල් ජාත්‍යන්තරයට හෙළි කරයි..! (VIDEO)

Namal Rajapaksa Sri Lankan protests Sri Lanka Economic Crisis Sri Lanka
By Sewvandhi May 06, 2022 02:41 PM GMT
Report

දේශපාලනඥයින්ට ආර්ථිකය සම්බන්ධ තීන්දු තීරණ ගත නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ, බී.බී.සී. ප්‍රවෘත්ති සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක වෙමිනි.

ප්‍රමාණවත් ආදායමක් නොමැතිව බදු සහන ලබා දීමට ආණ්ඩුව ගත් තීරණය නිවැරදි නොවන බව ද ඔහු එහිදී පැවසීය. මන්ත්‍රීවරයා සඳහන් කළේ, ජනාධිපතිවරයා විසින් අදාළ තීරණය ගනු ලැබුවේ දේශීය ව්‍යාපාර එම මුදල් ආර්ථිකයට නැවත ආයෝජනය කරන බවට වූ විශ්වාසයෙන් බව ය.

කෙසේ වෙතත්, ජනාධිපතිවරයා විශ්වාස කළ පරිදි එය සිදු නොවූ බව ඔහු පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහා යන ලෙස ත් රුපියල පා කරන ලෙස ත් ආර්ථික විශේෂඥයින් ලබා දුන් උපදෙස් අනුව ආණ්ඩුව කටයුතු නොකළේ ඇයි ද යන්න අදාළ සම්මුඛ සාකච්ඡාව මෙහෙයවූ මාධ්‍යවේදියා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කළේ ය.

ඊට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ, ඒ සඳහා ද වගකිව යුත්තේ ද තීන්දු තීරණ ගන්නා නිලධාරීන් බව ය. දේශපාලනඥයින්ට ආර්ථිකය සම්බන්ධ තීන්දු තීරණ ගත නොහැකි වීම ඊට හේතුව බව ඔහු එහිදී පැවසීය. මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ, වත්මන් මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා ද නිලධාරීන් වැරදි උපදෙස් ලබා දුන් බවට පිළිගෙන ඇති බව ය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now