නාමල් CIDයෙන් පිටව යයි..!

CID - Sri Lanka Police Galle Face Protest Namal Rajapaksa Gota Go Gama
By Sewvandhi May 20, 2022 02:25 PM GMT
Report

පසුගිය 9 වනදා ගාලුමුවදොර සහ කොල්ලුපිටියේ ඇති වූ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉන් පිටත්ව ගොස් තිබෙනවා.

පස්වරු 4 ට පමණ ඔහු එහි පැමිණි බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කලේ.

ගාලුමුවදොර ඇති වූ සිද්ධියට අදාළව මේ වනවිට පුද්ගලයින් රැසකගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, මිලාන් ජයතිලක සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, සභාපතිවරුන් ඇතුළු කිහිපදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now