විදෙස් ගමන් තහනම මැද, නාමල් හදිසියේම ට්විටර් පණිවිඩයක් නිකුත් කරයි..!

Mahinda Rajapaksa Namal Rajapaksa Sri Lanka Politician Sri Lanka Economic Crisis
By Sewvandhi May 12, 2022 10:08 AM GMT
Report

ශ්‍රී ලංකාව ඉදිරියට යාමට නම් නීතිය හා සාමය ක්‍රියාත්මක විය යුතු බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් හිටපු අමාත්‍යවරයා කියා සිටියේ වෛරය පැතිරවීමට සහ ප්‍රචණ්ඩත්වය ඇති කිරීමට සම්බන්ධ වූ සියලු දෙනා නීතිය ඉදිරියට ගෙන ආ යුතු අතර පෞද්ගලික මෙන්ම පොදු දේපළවලට හානි කළ සියලු දෙනා වගකිව යුතු බවයි.

හිටපු අමාත්‍යවරයා මීට පෙර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ පසුගිය මැයි 9 වනදා සිදුවූ සිද්ධීන් සම්බන්ධයෙන් සිදුවන ඕනෑම පරීක්ෂණයකට තමාගේ උපරිම සහය ලබාදෙන බවයි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGallery