ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ නඩුවට නාමල් රාජපක්ෂ අධිකරණයට

Namal Rajapaksa Sri Lanka Magistrate Court Law and Order Latest Headlines Sinhala news
By R.rishma Oct 13, 2026 04:22 AM GMT
Report

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (13) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට රැගෙන විත් තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනුකර ඇති අදාළ නඩුව අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවීමට නියමිතය.

එම නඩුව සඳහා පෙනී සිටීම වෙනුවෙන් සැකකාර නාමල් රාජපක්ෂ මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය වෙත රැගෙන එනු ලැබීය.