කුඩ්ඩන්ට හිසරදයක් වූ "නාඋල සුද්දා" ට අත්වූ අවාසනාවන්ත ඉරණම...

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Oct 07, 2022 08:35 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

නාඋල ප්‍රදේශයේ තනිවම නිවසක පදිංචිව සිටි පුද්ගලයෙකු අභිරහස් ලෙස ඝාතනය කර තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ "නාඋල සුද්දා" ලෙස හඳුන්වන 43 හැවිරිදි වියේ පසුවන දෙදරු පියෙකි. මේ අතර ඝාතනය සිදුවූ ස්ථානයේ සිට මීටර් 200ක් පමණ දුරක් දක්වා මිරිස් කුඩු දමා ඇති බවද මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මියගිය පුද්ගලයාගේ මව අසල වෙනත් නිවසක පදිංචිව සිට ඇති අතර ඔහුගේ බිරිඳ සහ දරුවන් වෙනත් ප්‍රදේශයක පදිංචිව සිටී. දින කිහිපයකින් තම පුත්‍රයා නොපැමිණීම හේතුවෙන් ඔහුගේ මව අදාළ පුද්ගලයා සිටි නිවස පරීක්ෂා කිරීමේදී කැපුම් තුවාල සහිතව වැටී සිටි පුද්ගලයා දැක ඇත

. "නාඋල සුද්දා" ලෙස හඳුන්වන මෙම පුද්ගලයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට එරෙහිව දැඩිලෙස කටයුතු කරන අයෙකු බව ඥාතීන් පවසයි. වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ අදාළ පුද්ගලයා අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කර ඇති බවය. 

 පොලීසිය පවසන්නේ අදාළ සැකකරුවන් පිළිබඳව මේ වනවිට හෝඩුවාවන් කිහිපයක් අනාවරණය වී ඇති බවය. ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නාඋල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now