අරගල භූමියට ආපු අලුත් ගැජට් එක නිසා අතුරු ආබාධ ඇති විය හැකිද?

Sri Lankan protests
By Wayomi May 07, 2022 08:27 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report
අරගල වලදී කඳුළු ගෑස් කන එක අපේ කොල්ලෝ කෙල්ලොන්ට නම් මහ අරුමයක් නෙවෙයි. හැබැයි මේ ඊයේ පෙරේදා ආපු අලුත් ගැජට් එක නම් ටිකක් වෙනස්. ඒක වැදිච්ච ගමන් අසාධ්‍ය තත්වයකට පත් වෙන අරගලකරුවන් හරි ඉක්මනින් ගොදුරු කරගන්න පුළුවන්. ඉතින් මේ බලන්න හදන්නේ අලුත් ගැජට් එකේ විස්තරේ මොකක්ද කියලා.

මේක තනි කැනියෙස්ටර් එකක් විදිහට විසි කළාට කැඩිලා යන්නේ කෑලි 3ක් විදිහට. කැඩිලා ගෑස් එක නිකුත් වෙලා තත්පර 2, 3ක් වගේ යනකොට කැනියෙස්ටර් එක ඇතුළට වතුර පිරෙනවා.ඒ වගේම ඒක අතින් අල්ලන්න බෑ අත පිච්චෙනවා. නිෂ්පාදනය කරලා තියෙන්නේ කොරියාවේ.

මෙම ගෑස් එක DK-N500 ලිවර් වර්ගයේ ෆියුස් වලින් සාදා ඇති අතර විසි කළාට පස්සේ තත්පර 30 හෝ 35 වගේ කාලයක් දැවී යනවා. එමඟින් විශාල CS වායුව විමෝචනය කරනවා. CS වායුව, 2-chlorobenzalmalononitrile සංයෝගය (o-chlorobenzylidene malononitrile ලෙසද හඳුන්වනවා. රසායනික සූත්‍රය: C10H5ClN2). CS,වායුව සුදු ඝන කුඩු එහෙමත් නැත්නම් පවුඩර් එකකින් සමන්විතයි. එය සාමාන්‍යයෙන් වාතය හරහා අංශු රැගෙන යන මෙතිලීන් ක්ලෝරයිඩ් වැනි විසරණ කාරකයක් සමඟ මිශ්‍ර වෙලා තමයි තියෙන්නේ. පුළුස්සා දැමූ විට, CS මාරාන්තික වායුවක් වන හයිඩ්‍රජන් සයනයිඩ් නිකුත් කරන බවත් කියවෙනවා.

ඒ නිසා මේක අතින් ඇල්ලීමෙන් වළකින්න. පුළුවන් තරම එයට නිරාවරණය වෙන්න කලින් ආරක්‍ෂිත face mask එකක් පළදින්න. මොකද මේ ගෑස් එකේ බලපෑම් නිසා ඇස්වලින් කඳුළු ගලා යාම, අධික කැස්ස, නාසය ශ්ලේෂ්මලයෙන් පිරීම සහ ගැලීම, ඇස්, ඇහිබැමි, නාසය සහ උගුර ප්‍රදේශවල පිළිස්සීම, ව්‍යාකූලත්වය, කරකැවිල්ල සහ හුස්ම ගැනීමේ අපහසුතාව ඇති කරනවා. ඒ වගේම ශ්වසන ව්‍යාකූලතා, ආමාශ ආන්ත්‍රයික සහ මුඛ රෝග ලක්ෂණ මාස කිහිපයක් යනතුරු පවතින්නත් පුළුවන්.