මෙරට ප්‍රදේශයකින් පිපිරීමක්..15 හැවිරිදි දරුවෙක් මරුට..

Police Blast Muthur
By Aruna Dec 13, 2021 02:39 AM GMT
Report

මුතූර් පොලිස් වසමේ තෝපූර් - අල්ලෙනගර් ප්‍රදේශයේ පාළු ඉඩමක සිදු වූ පිපිරීමකින් 15 හැවිරිදි කුඩා දරුවෙකු මිය ගොස් තිබෙනවා.

නිවසේ ඇති කරන එළුවන්ගේ ආහාරයට අවශ්‍ය කොළ ලබා ගැනීමේ අරමුණෙන් මිය ගිය කුඩා දරුවා අසල පිහිටි පාළු ඉඩමකට ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුරුව එහි සිදු වූ පිපිරීමෙන් මෙම දරුවා බරපතල ලෙස තුවාල ලබා ඇති අතර, තෝපූර් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා.

එමෙන්ම යාපනය - මඩම වීථිය ප්‍රදේශයේ පවතින ඇළක තිබී අවුරුදු 15ක් පමණ පැරණි මෝටාර් උණ්ඩයක් හමුවී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ යුද සමයේ කිසියම් පිරිසක් මෙම මෝටාර් උණ්ඩය ඇළට දමන්නට ඇති බවට සැක කෙරෙන බවයි.

මේ අතර, අම්බලන්ගොඩ ධීවර වරායෙන් ඊයේ (12) පෙරවරුවේ මුහුදු ගිය බෝට්ටුවක සිටි ධීවරයෙකු හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මුහුදට වැටී මිය ගොස් තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ අම්බන්ගොඩ - දළුක්කන්ද ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි අයෙක්.

එසේම දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ පැරණි ගොඩනැගිල්ලක බිත්තියක් ගැළවීමට යාමේදී එය, ඇඟ මතට වැටීමෙන් අවුරුදු 37 ක් වයසැති හමුදා සෙබළෙකු ඊයේ මියගොස් තිබෙනවා.

ඔහු මඩොල්සිම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now