අමුතු විදියේ රස හතු රෙසිපි එකක් මෙන්න..

Healthy Food Recipes Sri lanka Food Recipes Sri Lanka Food Crisis
By Subodha Jul 31, 2022 10:20 AM GMT
Subodha

Subodha

in රචනා
Report

හතු කියන්නේ හැමෝම කන්න ආස රස කෑමක් හතු වලින් විවිධ කෑම වර්ග හදනවා. ඒ හදන කෑම අතර ඩෙවල් හතු හදන අමුතු රෙසිපි එකක් ගැනයි මේ කියන්න යන්නේ.


අවශ්‍ය ද්‍රව්‍ය -

හතු 100g

ලූණු ගෙඩි 1

තක්කාලි ගෙඩි 1

මාළු මිරිස් කරල් 1

චොප් කරගත් සුදුළූණු මේසහැඳි 1

චොප් කරගත් ඉඟුරු මේසහැඳි 1

අමු මිරිස් කරල් 2

රම්පෙ, කරපිංච

පොල්තෙල්

තක්කලි සෝස් මේසහැඳි 1

කෑලි මිරිස් මේසහැඳි 2

පාන් පිටි ⁣මේසහැඳි 2

ගම්මිරිස් කුඩු

ලුණු  


සාදන ආකාරය -

දික් අතට කඩාගත් හතු බෝල් එකකට දාන්න. කහ, ගම්මිරිස්, ලුණු දාල කලවම් කරන්න. මිශ්‍රණයට පාන් පිටි, වතුර මේස හැන්දක් දාලා බැටර් එක හදාගන්න. බැටර් එකේ තවරලා හතු ගැඹුරු තෙලේ බැද ගන්න. භාජනයකට පොල්තෙල් දාල රත් වෙනකොට ඒකට සුදු ලූණු, ඉඟුරු, දාලා බදින්න. ඒකටම රවුමට කපාගත් ලූණු, රවුමට කපාගත් මාළු මිරිස්, අමු මිරිස්, රම්පෙ, කරපිංච, රවුමට කපාගත් තක්කාලි, ගම්මිරිස් කුඩු, ලුණු, කෑලි මිරිස්, දාන්න. මේ මිශ්‍රණයට බැඳගත් හතු, තක්කලි සෝස් දාල හොඳින් මිශ්‍ර කරගන්න.   


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග 
join now