මනුෂ්‍ය ඝාතන හැම තැනම මෙරට භයානකම කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට...

Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Aug 20, 2023 04:31 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

තංගල්ල කුඩා වැල්ල ප්‍රදේශයේදී වෙඩි තබා මනුෂ්‍ය ඝතනයක් සිදුකල රත්ගම විදුරගේ සහ බලපිටියේ දිල්ෂාන්ගේ ප්‍රධාන වෙඩික්කරු නාවික හමුදාවේ සෙබලෙකු හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි දී පසුගිය පසුගියදා වන දින රාත්‍රියේ දී තංගල්ල පොලිස් වසමේ කුඩාවැල්ල ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි නාදුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් බෝට්ටු ස්කීපර් වරයෙකු ලෙස කටයුතු කල පුද්ගලයෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝතනයක් සිදු කිරිමට අදාල සිද්ධියේ දී එම වෙඩික්කරුවන් දෙදෙනා ප්‍රවාහනය කරමින් ඒ සදහා උදවු උපකාර කල පුද්ගලයෙකුද අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ ඔස්සේ සිදු කරණු ලබන වැඩිදුර විමර්ශණ තුලින් මෙම ඝාතනය සදහා වෙඩික්කරු ලෙස කටයුතු කල බලපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26 ක පුද්ගලයෙකු මෝටර් රථයකින් ගමන් කරමින් සිටිය දී හෙරොයින් ග්‍රෑම් 20 ක් සහ ඝාතනය සදහා යොදා ගන්නා ලද ගිණි අවිය දමා රැගෙන යන ලද මල්ල ද එහි තිබී අත්අඩංගුට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තංගල්ල පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා

තව දුරටත් සිදු කරන ලද විමර්ශණ වලින් තහවුරු වී ඇත්තේ මෙම පුද්ගලයා හට මෙම ඝාතනය සදහා කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ දැනට ඩුබායි රටෙහි සැගව සිටින සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් දෙදෙනෙකු වන බලපිටියේ දිල්ශාන් හා රත්ගම විදුර යන පුද්ගලයන් දෙදෙනා විසින් බවත් මෙම ඝාතකයා නාවික හමුදාවේ පුල්මුඩේ කඳවුරට අනුයුක්තව රාජකාරී කරණු ලබන නාවිකයෙකු බවයි.

- සිතුමි -