සැමියා නිසා සිදූවූ භයානක සිදුවීම් දරුවනුත් අනතුරේ.... දිවයිනේ ප්‍රදේශ දෙකක් හෙල්ලු භයානක සිදුවීම්..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Aug 14, 2023 11:09 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

පල්ලම රඹතලාවත්ත, ආඬිගම ප්‍රදේශයේ දී සැමියා විසින් සිය බිරිඳට වායු රයිෆලයකින් ඊයේ වෙඩි තබා තිබෙනවා. පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

තුවාල ලැබු කාන්තාව මේ වන විට නිකවැරටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර මෙලෙස තුවාල ලබා ඇත්තේ 51 හැවිරිදි රඹතලාවත්ත ආඬිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වනවා.

සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පල්ලම පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. එමෙන්ම හවැනිම සැමියකු අද කළ ක්‍රියාවක් පිළිබදව රඹුක්කන ප්‍රෙද්ශයෙන් වාර්තා වනවා.

රබුක්කන, පත්තම්පිටිය ප්‍රදේශයේ පියෙක් තම බිරිදට සහ දරුවන් දෙදෙනාට වස පොවා තමන්ද වස පානය කර තිබෙනවා.

දරුවන් මාස 11 ක් ,සහ අවුරුදු 05 ක් යන වයස්වල පසුවන අතර ඔවුන් මාවනැල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු පැවසුවේ.

විශේෂයෙන්ම මෙවැනි දෑ සිදුවීමට හේතුව කුමක්ද යන්න සිතනවාට වඩා අධික කෝපය නිසා සිදුවන විපත් පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වනවා.