බිරිඳගේ ගෙල කපා දමා ස්වාමිපුරුෂයා පැනයයි..නිවැසියන්ට ඔහු කියූ දේ..
Sri Lanka Police
Attempted Murder
Sri Lanka
By Aruna
දඹුල්ල පොලිස් වසමේ තිතවැල්ගොල් කොට්ටවෙල ප්‍රදේශයේ නිවසක් තුලදි ඊයේ රාත්‍රියේදී තියුණු ආයුධයකින් ගෙල ප්‍රදේශය කපා කාන්තාවක් මරණයට පත්කොට ඇතැයි දඹුල්ල පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ දඹුල්ල පොලිස් වසමේ කොට්ටවෙල ගමේ පදංචි වයස අවුරුදු 42 වසය තිදරු මවකි.
ඇය හා ඇගේ ස්වාමියා පුරුෂයා අතර ඇතිවු බහින් බස් විමකින් පසු ස්වාමිපුරුෂයා විසින් මෙම ඝාතනය සිදුකල බව මුලික පරික්ෂණ වලදි තහවුරු කරගෙන ඇත.
ගෙල කැපිමෙන් පසු පුරුෂයාද නිවසින් බැහැරව ගොස් ඇති අතර එසේ යනවිට ඔහුද ගෙල වැලලා මිය යන බව පැවසු බව නිවැසියන් පවසයි.
කාන්තාව ඝාතනය කොට පැන ගිය පුද්ගලයා සෙවීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කොට ඇත.
සිද්ධිය පිලිබදව දඹුල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |