වයෝවෘද්ධ මව නිරුවත් කර ඝාතනය කිරීමේ සාහසික සිදුවීම...

Crime Branch Criminal Investigation Department Crime Murder
By Sithumini Aug 13, 2024 07:21 AM GMT
Sithumini

Sithumini

in අපරාධ
Report


තනිව නිවසේ සිටි 71 හැවිරිදි වයෝවෘද මවක් අත්පා ගැටගසා ඝාතනය කිරීමේ සාහසික සිදුවීමක් මදුරන්කුලිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඇය පොල් ඉඩමක පිහිටි තම නිවසේ තනිව වාසය කර ඇති බව සදහන්. දරුවන් ඇයව බැලීමට ඉදහිට පැමිණෙන බවත් වාර්තා වනවා.

දරුවන් කොතරම් ඇයව සිය නිවාස වලට රැගෙන යන්න උත්සාහ කළත් සිය නිවස අත්හැර පැමිණීමට ඇය අකමැත්ත පළකර ඇති බව සදහන්.

කෙසේවෙතත් මෙම මව පදිංච් ඉඩමට නිරන්තරයෙන් පැමිණෙන කාන්තාවක් ඇය මෙලෙස ඝාතනයට ලක්ව සිටියදි දැක තිබෙනවා.

මෙය රන් ආභරණ හෝ වෙනත් භාණ්ඩ පැහැර ගැනීමට දැරූ උත්සාහයක්ද යන්න සැක පළ කෙරෙනවා.   

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%