අයියා පහර දී මල්ලි මිය යයි මනුශ්‍ය ඝාතන තැත් කිරීම් දිවයින පුරා වාර්තා වෙයි.. මෙරටින් ඇහෙන ඇග කිළිපොළා යන කතාව

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sithumi Jun 19, 2023 10:17 AM GMT
Report

බලංගොඩ බලගහමුල ප්‍රදේශයේ නිවසක ඊයේ රාත්‍රියේ ආරවුලක් හටගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ බීමතින් පැමිණි අයෙකු සිය මව පියා සහ වැඩිමහල් සහෝදරයා සමඟ මෙම ආරවුල ඇතිකරගෙන තිබූ බවයි.

අදාළ පුද්ගලයා එහිදී සිය මවට පියාට සහ සහෝදරයාට පහරදෙන බවට 118 පොලිස් හදිසි ඇමතුම් අංකයට තොරතුරු ලැබී තිබුණා.

පොලිසිය සඳහන් කළේ පොලිස් නිලධාරීන් එහි යන විටත් පහරකෑමට ලක්වූ වැඩිමල් සහෝදරයා පහරකෑමෙන් තුවාල ලබා බරපතළ තත්ත්වයේ පසුවූ බවයි.

අනතුරුව ඔහු බලංගොඩ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණත් ඒ වන විටත් ඔහු මියගොස් තිබුණා. මෙලෙස මියගියේ බලගහමුල ප්‍රදේශයේ පදිංචිව සිටි 57 හැවිරිදි අයෙක්.

සැකකරු මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගනුලැබ ඇති අතර ඔහු බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර කොළොන්නාව ප්‍රදේශයේ මාර්ගයේ රැඳී සිටි අයෙකුට ඊයේ රාත්‍රියේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. පොලිසිය පැවසුවේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් වෙඩි තබා පළාගොස් ඇති බවයි.

වෙඩි වැදීමෙන් තුවාල ලද පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඔහු කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අයෙක්.

වෙඩි තබා පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වැල්ලම්පිටිය පොලිසියෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.