තවත් බිහිසුණු මනුෂ්‍ය ඝාතනයක්..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sithumi Apr 23, 2023 10:16 AM GMT
Report

මිරිහාන පොලිස් වසමේ ගල්වල පාර ප්‍රදේශයේ දී අද (23) අලුයම තියුණු ආයුධයකින් ඇන පුද්ගලයෙක් ඝාතනය කර ඇති අතර, එම පහරදීමෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙලෙස බරපතළ තුවාල ලැබීමෙන් මියගොස් ඇත්තේ, 34 හැවිරිදි සජිත් මධුසංක නැමති එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. තුවාල ලැබූ 53 හැවිරිදි මුරමුදලිගේ රත්නායක බන්දුල නැමති දෙනියාය ප්‍රදේශයේ පදිංචිකරු මියගිය පුද්ගලයාගේ ඥාතියෙක් වන බව පොලීසිය සඳහන් කළා.

 එම අපරාධයෙන් පසු සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව අනාවරණය වී තිබේ. කෙසේවෙතත් සැකකරු මරණකරුගේ ඥාතියෙක් බවත් දෙපාර්ශවය අතර ඇති වු බහින්බස් වීමක් හේතුවෙන් පිහි ඇනුම සිදුකර ඇති බවත් විමර්ශනවලදී හෙළිවී ඇත.

පානදුර ආරච්චිගේ වාසනා විපුල පෙරේරා නැමති සැකකරුව අත්අඩංගුවට ගැනීමට මේ වනවිට පොලීසිය මෙහෙයුම් ආරම්භ කර තිබේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now