පුද්ගලයෙකු ඝාතනය කර කැබ් රථයක දමා ගිනි තැබූ සාහසික පුවත

Batticaloa Crime Branch Criminal Investigation Department Crime Murder
By Sithumini Jul 15, 2024 06:10 AM GMT
Report

. පුද්ගලයෙකුව ඝාතනය කර කැබ් රථයක් තුළට දමා පිළිස්සීමේ සාහසික පුවතක් උප්පුවේකි ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙම සිදුවීම වාර්තා වී තිබුණේ උප්පුවේලි පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයක දීයි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා තවත් දෙදෙනෙකු සමඟ වෙළෙඳසැල තුළ සිටිය දී සැකකරුවන් යතුරුපැදියකින් පැමිණ මෙම පුද්ගලයාට පහරදී ඔහුව ඔහුගේම කැබ් රථය ද සමඟ පැහැරගෙන ගොස් තිබෙනවා.

එහිදි පොලිසිය හෙළිදරව් කරගෙන තිබුණේ පුද්ගලික ආරවුලක් මත ඊයේ අළුයම් කාලයේ දී මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ 41 හැවිරිදි ඇලස්වත්ත, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් අවුරුදු 24ක් වයසැති කුච්චවේලි ප්‍රදේශයේ පදිංචිව සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඝාතනයට ලක් වූ පුද්ගලයා නිලාවේලී පාර ඇලස්වත්ත පාර, ඇලස්වත්ත ප්‍රදේශයේ වෙළෙඳසැලක් පවත්වාගෙන ගොස් තිබෙනවා.