නිවස ඉදිරිපිටදීම පුද්ගලයෙකුට හිසට පොලු‍ වලින් පහරදී ඝාතනය කරයි

police Murder crime dodangoda
By Sithumi Jan 24, 2022 11:00 AM GMT
Report

හිසට පොලු‍වලින් පහරදී ඝාතනය කරන ලද පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද(24) අලු‍යම ඔහුගේ නිවස ඉදිරිපිටදී හමුවූ බව දොඩංගොඩ පොලිසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා දොඩංගොඩ, නෑහින්න, කඩවත්ගෙදර ප්‍රදේශයේ පදිංචිව සිටි ගබඩාගේ චන්දිමාල් ප්‍රදීප් කුමාර නමැති 49 හැවිරිදි පුද්ගලයෙකු බවට හදුනාගෙන තිබේ.

අද(24) අලු‍යම 1ට පමණ ඝාතනය සිදුව ඇති බවට පොලිසිය සැක පළ කරයි. සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් ප්‍රශ්න කිරීමට රඳවාගෙන ඇති අතර දොඩංගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now