කරදර යැයි තිදරු පියා මිරිස් කුඩු ගසා මරා දමලා..

murder crime chili powder Diwlapitiya K Vinson
By Sewvandhi Jan 30, 2022 12:05 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

නිවසේ හුදෙකලාව දිවි ගෙවූ තිදරු පියකුට මිරිස් කුඩු ගසා පිහියෙන් ඇන මරා දැම්මේ යැයි කියන කතුන් දෙදෙනකු ඇතුළු හත් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලීසිය කියයි.

සැකකාරියන් සහ සැකකරුවන් අසල්වැසි නිවෙසට පදිංචියට ආ පිරිසක් බව ද පොලිසිය පවසයි. දුනගහ නැගෙනහිර පල්ලියපිටියේ පදිංචිව සිටි කේ. වින්සන් නැමැති 68 හැවිරිදි පෙදරේරුවෙකි බිරිඳ මිය යාමෙන් පසුව හුදකලාව කල් ගත කර ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ 

 අසල්වැසි නිවසක පදිංචියට ආ පිරිසකගෙන් තමන්ට කරදරයක් බව පැවසීමේ හේතුවෙන් ඇති වූ ආරවුලක් මත මෙම පිරිස 29 අලූයම නිවසට කඩාවැදී මෙම පුද්ගලයාට මිරිස් කුඩු ගසා පිහියෙන් ඇන මරා දමා ඇතැයි පොලිස් පරීක්ෂණවල දී හෙළි වී ඇත

පුද්ගලයා මරා දැමීමෙන් පසු කුස්සියේ තිබූ මිරිස් කුඩුවලින් සිරුර වැසෙන්නට අතුරා දමා ඇති බව පොලිසිය කියයි. මෙම සිද්ධියෙන් පසු සැකකරුවන්ගේ නිවෙසට කිසියම් පිරිසක් ගිනි තබා ඇතැයි පොලිසිය පවසයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now