තියුණු ආයුධවලින් පහර පහර දී සිදුකළ බිහිසුණු ඝාතන දෙකක්..

Sri Lanka Police Gampaha Sri Lanka Crime
By Sewvandhi Mar 30, 2023 04:43 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

මෙරට ප්‍රදේශ දෙකක දී එනම් කොස්ගම සහ ගම්පහ ප්‍රදේශවල දී අමානුෂික ඝාතන දෙකක් සිදුව ඇති බව පොලීසිය සඳහන් කරනවා.

ගම්පහ පොලිස් වසමේ මාකෙවිට ප්‍රදේශයේ දී නිවසක් තුළ දී පුද්ගලයෙකු විසින් කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර තිබුණි.

බරපතළ තුවාල ලැබු 57 හැවිරිදි මාකෙවිට ප්‍රදේශයේ පදිංචි කාන්තාව ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ. 

කලක සිට පවතින ඉඩම් ආරවුලක් දුරදිග හේතුවෙන් සැකකරු මරණකාරියගේ නිවසට ගොස් ආරවුලක් ඇති කරගෙන තිබේ. එහිදී තියුණු ආයුධයකින් පහරදී ඇති බව පොලීසිය පැවසීය. ඝාතනය සම්බන්ධයෙන් 45 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර, කොස්ගම පොලිස් වසමේ මුණමලේවත්ත ප්‍රදේශයේ දී ද ආරවුලක් දුරදිග යෑමෙන් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ එලෙස මියගොස් ඇත්තේ 35 හැවිරිදි කළුඅග්ගල පදිංචිකරුවෙක් බවය. ඝාතනය සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ පවත්වයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now