තරුණයෙකුගේ මළසිරුරක් ගොඩනැගිල්ලකින් හමුවෙයි..10ක් පොලිසියට ගෙන්වයි..(VIDEO)

Sri Lanka Police Jaffna Sri Lanka
By Aruna Oct 14, 2022 07:03 AM GMT
Report

යාපනය, රෝහල් පාරේ වෙම්බඩි හන්දිය අසල අලුතින් ඉදිකරන ලද ගොඩනැගිල්ලක තිබී තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

තිරුනෙල්වේලි ප්‍රදේශයේ පදිංචිව සිටි අන්නාලිංගම් ක්‍රිෂාන් (මිරාජ්) නමැති 35 හැවිරිදි තරුණයෙකු මෙලෙස මියගොස් තිබෙන බවයි පැවසෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා ඒ ආසන්නයේ පිහිටි ආගන්තුකාගාරයක සේවකයින් 10 දෙනෙකු පොලිස් ස්ථානයට කැඳවා තිබේ.

එම සිදුවීමට අදාලව වීඩියෝ දර්ශන පහතින් දැක්වේ?.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now