අවුරුදු 30ක තරුණයින් දෙදෙනෙක් මරාදැමූ ඛේදජනක සිදුවීම්..

Sri Lanka Police Attempted Murder Sri Lanka
By Aruna Sep 06, 2022 02:29 AM GMT
Report

පුස්සැල්ලාව පොලිස් වසමේ ඉහළගම ප්‍රදේශයේ දී පොරවකින් පහර දී සිදු කළ මනුෂ්‍ය ඝාතනයක් පිළිබඳ වාර්තා වනවා.

මරණකරු සිය බිරිඳගේ පියා සමඟ බහින්බස් වීමක් ඇති කරගෙන තිබෙන අතර, එය දුර දිග යාමෙන් අදාළ පියා මරණකරුට පොරවෙන් පහර දී ඇති බවයි සඳහන් වන්නේ.

මරණකරු වයස අවුරුදු 30ක ඉහළගම - පුස්සැල්ලාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පැවසෙන්නේ.

ඉහළගම - පුස්සැල්ලාගම ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි සැකකරු අත් අඩංගුවට ගෙන ඇති අතර, පුස්සැල්ලාව පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහයවනු ඇති.

මේ අතර, කහටගස්දිගිලිය පොලිස් වසමේ දිවුල්වැව ව්‍යාපාරය ප්‍රදේශයේ දී ද මනුෂ්‍ය ඝාතනයක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

අතුරුදන් ව සිටි පුද්ගලයකුගේ මළ සිරුරක් වගා ළිඳක තිබී හමුවීමත් සමඟ පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇති බව සඳහන්.

මෘත ශරීරය පිළිබඳ සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් හෙළි වී ඇත්තේ, මෙම ඝාතනය, තියුණු ආයුධයකින් ගෙලට පහර දී සිදු කළ එකක් ලෙසට යි.

මරණකරු වයස අවුරුදු 30ක දිවුල්වැව ව්‍යාපාරය - කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඝාතකයා සොයා ගැනීම සඳහා කහටගස්දිගිලිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ඇති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now