15 හැවිදිරි සිසුවියකගේ මළ සිරුරක් ළිඳකින් හමුවෙයි..සපත්තු දෙකෙන් සොයාගත් හැටි..

Sri Lanka Police Attempted Murder Sri Lanka
By Aruna Jun 01, 2022 03:19 AM GMT
Report

වව්නියාව ගණේෂපුරම් ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි සිසුවියකගේ සිරුරක් ළිඳක තිබී පසුගිය 30 වන දින රාත්‍රියේ ගොඩට ගත් බවට වව්නියාව පොලීසිය පවසනවා.

අදාල සිසුවිය 30 දින උදෑසන උපකාරක පංතියකට ගොස් ආපසු නිවසට නොපැමිණීම හේතුවෙන් ඥාතීන් විසින් නෙලුක්කුලම් පොලීසියට දැනුම් දී ඇති අතර පසුව ප්‍රදේශවාසීන්ගේද සහය ඇතිව අදාල සිසුවිය සේවීමට පොලීසිය විසින් පියවර ගෙන ඇත.

කෙසේ වෙතත් දැරිය සොයාගැනීමට නොහැකි වීම හේතුවෙන් පොලිස් නිල සුනකයින් සහ යුදහමුදාවද එක්ව ඊයේ රාත්‍රිය වන තෙක් සොයා ඇති අතර එහිදී දැරියගේ බවට සැකකෙරුනු සපත්තු දෙකක් ළිඳකට මීටර් 50 ක් පමණ ආසන්නයේ තිබී හමුවීම හේතුවෙන් එම ළිඳ පරික්ෂා කොට තිබේ.

එහිදී ළිඳතුල තිබී දැරියගේ මළසිරුර හමු වී ඇති අතර මරණයට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැත.

කෙසේ වෙතත් සිසුවිය ළිඳට පැන සියදිවි හානිකරගත්තේද එසේත නැතිනම් යමෙක් විසින් ළිඳට දැමුවේද යන්න පිළිබඳව සෙවීමට සිසුවියගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය වෙනුවෙන් වව්නියාව මහරෝහලට ඇතුලත් කොට ඇති අතර මරණ පරික්ෂණයෙන් අනතුරුව මරණයට හේතුව අනාවරණය කරගැනීමට හැකිවන බවට පොලීසිය පවසයි.

මිය ගිය දැරියගේ මව විදෙස්ගතව සිටින බවටත් ඇය ඥාතීන්ගේ නිවසක හැදී වැඩී ඇතැයිද අනාවරණය වන අතර මිය ගිය දැරිය 15 හැවිරිදි රාසේන්ද්‍රන් යදුසිකා නැත්තියක් බවටද වැඩිදුර පරික්ෂණ සිදුකරන වව්නියාව සහ නෙලුක්කුලම් පොලීසිය පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now