අවුරුදු 15 පෙම්වතිය බෙදාගන්න බැරිව සිදුවූ කුරිරු ඝාතනයේ අමුතුම කතාවක් එළියට.

Police Sri Lanka Murder case
By Aruna Feb 01, 2022 06:45 AM GMT
Report

මේ කතාවේ නායිකාව වයස අවු 15යි මාස 08ක් වූ අධිකරණය මගින් පරිවාස භාරයට පත් කර මීගමුව බෝලවලාන ළමා නිවාසයේ සිටි ගැහැණු ළමයෙකි.

අපි ඇයට සවින්දී කියමු. සවින්දී පසුගිය 2021 වසරේ මැද භාගයේ ඇයගේ නැන්දනියකගේ මග පෙන්වීමෙන් කඩවත පොලිසියට ගොස් ඇත්තේ සිය දෙමව්පියන් ඇයට නොසළකන බවට පැමිණිළි කරමින්ය.

ඉහළ බියන්වල , කඩවත පදිංචිව සිට ඇති මෙම ගැහැණු ළමයා මීගමුව බෝලවලාන ළමා නිවාසයට යොමු වන්නේ එතැනිනි.

මවත් නිසි ක්‍රමවේදයකින් තොරව සහ පියාත් මත්ද්‍රව්‍යයට ඇබ්බැහිව ජීවත් වන බව කියැවේ.

දැනට මාස හතරකට පමණ පෙර මෙම ළමයා මීගමුව බෝලවලාන ළමා නිවාසයෙන් පැනැවිත් ඇති බවට තොරතුරු ලැබී ඇත.

ඇයගේ දෙවන පෙම්වතා යැයි කියනා යූ.ඩී.ඊ.ඩී (අපි ඔහුට දමයන්ත කියමූ ) දමයන්ත නුවර පාර, කඩවත පදිංචි 19 හැවිරිදි තරුණයෙකි .

ඔබ දන්නවාද ??? මෙම 15ස් හැවිරිදි ගැහැණු ළමයාගේ පළමු පෙම්වතා යැයි කියනා , දෙවන පෙම්වතා විසින් ජීවිතක්ෂයට පත් කර ඇති ආර්. කේ. ආර්. මධුසංඛ යන 20 හැවිරිදි තරුණයා සහ දමයන්ත ඥාති සහෝදරයන් යැයි දැනගන්නට ලැබී ඇති බව ?

මේ තරුණයන් එකම පවුලක අක්කා සහ නංගීගේ දරුවන් යැයි කියැවෙනවා.

මරණකරු මධුසංක යන අය සැක කරු දමයන්තගේ මවගේ නැගණියගේ පුතා යැයි කියැවෙනවා.

ගැහැණු ළමයා මියගිය තරුණයා සමග සිටියදී දමයන්ත විසින් ජීවිතක්ෂයට පත් කර ඇති බවයි මාධ්‍යයේ කියැවෙන්නේ . ?

මෙසේ මියගොස් ඇති තරුණ මධුසංඛ COVID 19 ආසාදිත කෝවිඩ් රෝගියෙකුයැයි අද වාර්තා වී ඇති අතර ඔහුගේ සිරුර පිළිස්සීම සඳහා ඔට්ටමාවඩි ගෙනයන බවද කියැවෙනවා.

? ?????? ළමයා යනු ළමයාය. කොයි කවුරු කෙසේ කීවද ළමයාට හරි වැරැද්ද වැටහෙන්නේ නැත.

මේ සිද්ධියේදී,,, ආපසු හැරී බැලුවහොත් පෙනී යන්නේ මේ පොඩි ගැහැණු ළමයා ආරක්ෂාව පතා පොලීසියට ගොස් ඇති බවයි.

පොලීසියද උපරිම ආරක්ෂාව සඳහා ළමයාව රජයට භාර දී ඇත.

මේ කියන මීගමුව- බෝලවලාන ළමා නිවාසයෙන්

1. මේ ළමයා පැන ගියේ කෙසේද ? කවදාද ? කුමන හේතුවකටද ?

2 මීට මාස 4කට පෙර මේ ළමයා පැන ගියෙහී නම් ... අදාල නිවාසය , මීගමුව පොලීසිය මාස හතරක් තිස්සේ මේ ළමයාව සෙව්වේද?

3. මේ ළමයාගේ විස්තර කොහේද? එසේත් නැතිනම්

4 මේ ළමයා පිළිබඳව පැමිණිළි කර තිබේද?

5. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මේ පිළිබඳව දන්නෙහිද ?

අමතක කරන්න එපා පොලීසියට අමතරව ළමයින්ගේ ආරක්ෂාව, මග පෙන්වීම, සුභ සාධනය උදෙසා රජය මගින් ගෙවනා , තවත් නිළධාරින් බොහෝමයක් සිටිනා බව.

මෙම නිළධාරින් තම රැකියාව නිසියාකාරව කරන්නේදැයි සොයා බලන්නේ කවුරුන්ද?

??? නිසි සේවයක් වූවානම් පොලීසියට තොරතුරු ඒමට, අනතුරක් වීමට පෙර , මෙම නිළධාරින් ළඟ තොරතුරු තිබිය යුතුය.

අනතුරකට පෙර වළක්වා ගැනීමට අනිවාර්යයෙන්ම හැකිවිය යුතුය.

ළමයින්, කාන්තාවන්, හොර මැර, මිණී මැරුම් , මත්ද්‍රව්‍ය, කැළෑ කැපීම්, ආදී මෙකී නොකී සියල්ලටම වග කිව යුත්තේ පොලීසිය විතරක් බව අප තුළ ඇති හැඟීම වහාම ඉවත් කර ගත යුතු වන අතර , රටක් ලෙස නැගී සිටීමටනම් මුලින්ම අපේ ළමයින් ගැන , ඔවුන්ගේ ආරක්ෂාව ගැන , ළමයින්ගේ ගුණ ධර්ම සහ ආකල්ප ගැන අවධානය තදින්ම යොමු කරමින් තම යුතු කම අපි සියල්ලෝම ඉටු කළ යුතුය .

රටේ ජනතාව "රජයෙන් වැටුප් ලබනා - ළමයින් වෙනුවෙන් රැකියාවේ පත්වීම් ලබා සිටිනා සියළු නිළධාරින්" ගැන දැනුවත් විය යුතුය.

නිසි රාජකාරිය කරවීමට අදාළ ආයතන වලට සියළු දෙනා බළපෑම් කළ යුතුය.

ග්‍රාම නිළධාරින්, ළමාරක්ෂක අධිකාරිය , ළමා අයිතීන් සුරැකීමේ නිළධාරින් , සමාජ සේවා නිළධාරින් ආදී සියළු දෙනා කෙරෙහී නිසි අවධානය යොමු කළ යුතු අතර , මෙකී නිළධාරින්ට අවශ්‍ය සහායද ලබා දිය යුතුය.

පොලීසියට එහා ... ඊට පෙර සිටිනා සියළු නිළධාරින් ළමයින් වෙනුවෙන් නිසි රාජකාරිය කළ යුතුය. ( පොලීසිය විතරක් නොව) මෙම සිද්ධියේ කතා නායිකාව වයස අවු 15.8 ගැහැණු ළමයාට නිසි දීර්ඝ කාලීන මනෝ උපදේශනය ලබා දී , ඇයව සුවපත් කළ යුතුමය.

එසේම මෙම මරණය සිදුකලා යැයි කියනා තරුණයාටද මානිසිකව සුවය සහ නිසි මග පෙන්වීම ලබා දිය යුතුය. සිතන්න....

මේ අපේ අනාගතයයි.

වෙන්වී, තරඟ වදිමින් , ඉරිසියාව , තන්හාව සිත තුළ පුරවා ගනිමින් නොව , හදවතින්ම ළමයින් වෙනුවෙන් නිසි සේවයක් ඉටු කිරීමට සියළු සමාජ ක්‍රියා කාරින්, සිවිල් සංවිධාන , ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සහ පොලීසිය සමග එක්වී කටයුතු කළ යුතුය.

දැනට සිදු වන්නේ , 1929 වෙත කරනා පැමිණිළි ලියාගෙන , ඒ පිළිබඳව අදාල පොලීසියට කතා කර පැය 48ක් තුළ වාර්තාවක් එවනා ලෙස පොලීසියට බළපෑම් කර එසේ එවනු ලබනා වාර්ථාව ෆයිල් කවරයේ දමා පසෙකින් තැබීම පමණක්මදැයි සිතෙනා තරමටම අධිකාරියේ සේවය සෘණාත්මක වීමය.

ඉන් වන්නේ පොලීසියේ රාජකාරි තවත් වැඩි කරවා , අදාල ළමයා / සිදුවීම කෙරෙහි යොමුවීමට ඇති පොලීසියේ කාළය සුදු අලියෙකුට වාර්තා සැකසීමට යෙදවීමය.

(බොහෙ විට ) ජාතික ළමා ආරක්ෂක අධිකාරියද දේශපාලනය, පුද්ගලීක හිතවත් කම් , බලය, සෘනාත්මක සිතුවිලි ඉවත ලා පොදු අරමුණක් කරා යොමුව , සියල්ලෝ එක්ව මෙම කර්තවයට දායක විය යුතුය.

අධිකාරියේ සභාපති තුමන්ට අමතරව අධ්‍යක්ෂක ජෙනරාල් වරයෙක් සහ උප සභාපතිවරයෙක්ද වෙති.

මෙම නිළධාරින් සමාජයෙන් සගවා තබන බවක් / ජනතාවගෙන් ඈත් කර තිබෙනා බවක් හෝ ඈත්වී සිටිනා බවක් පසක් වේ.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය "සැක කරුවන්ගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටිනා" , විළි සංගයක් නොමැතිව ඒවා මාධ්‍යයටම කියනා නිළධාරින් , තනතුරට නොගැළපෙන නිළධාරින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් වහාම ඉවත් කොට ළමයින් වෙනුවෙන් යුතුකම ඉටු කළ යුතුය.

2022 වසරේදී රටේ සියළු සිත් පිත් ඇත්තෝ එක්වී ජාතික ළමා ආරක්ෂක ඇධිකාරියට, පොලීසියේ කාන්තා හා ළමා අපයෝජන නිවාරණ අංශයට සහාය වී ළමයින් ආරක්ෂාවී රටේ ගුණාත්මක නායකයින් කරවා සිරි ළක අනාගතය යහපත් කරවමු.

පසුගිය 2022.01.23 ඉරිදා මෙම සිදුවීම සිදුව තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now