පොලිසියට අසභ්‍ය වචනයෙන් බැන සද්ද දමා සැඟව සිටින, පාර්ලිමේන්තු මන්ත්‍රී වෙදාරච්චිගේ පුතු සහ ලේලියට නවාතැන් ලබාදුන් කාන්තාවකට සිදු වූ දේ.. (VIDEO)

Sri Lanka Police Matara Dilip Wedaarachchi Sri Lanka
By Sithumi Jun 03, 2022 01:57 PM GMT
Report

බැඳිගම දක්ෂිණ අධිවේග පිවිසුමේ දී පොලිස් නිලධාරීන්ට බලපෑම් කරමින් රාජකාරියට බාධා කොට පහරදීමට තැත්කිරීමට අදාළව කාන්තාවක් ඇතුළුව දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් විමර්ශන කටයුතු සිදුකරන බව පොලීසිය පවසයි.

පසුගිය 01වනදා මෙම සිදුවීම සිදුවී තිබුණි. පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාආරච්චි මහතාගේ පුත්‍රයා වන සැකකාර රවිඳු වෙදාආරච්චි සහ ඔහුගේ බිරිඳ වන නෙත්මී හරින්දි ද සිල්වා යන සැකකරුවන් සොයා එම පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.

මෙම සැකකරුවන් අදාළ සිද්ධිය වූ ස්ථානයට පැමිණීමට සහ අනතුරුදායක ලෙස ශීතකරණයක් රැගෙනයෑමට භාවිත කළ කැබ් රථය අද (03) පස්වරුවේ සොයාගෙන ඇත. ඒ, මාතර කඹුරුගමුව ප්‍රදේශයේ දී මාතර විශේෂ අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසිනි. 

එමෙන්ම සැකකරුට හා සැකකාරියට රැකවරණය සහ නවාතැන් ලබාදුන්, මාතර - බතලවත්ත ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි කාන්තාවක්ද අත්අඩංගුවට ගෙන ඇත.

ඇය මේ වනවිට වීරකැටිය පොලිස්ථානය වෙත ඉරිදිපත් කර තිබේ. අදාළ ප්‍රධාන සැකකරුවන් සඳහා රැකවරණය හා නවාතැන් ලබා දෙනු ලබන පුද්ගලයින් වෙතොත් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පොලීසිය වැඩිදුරටත් අවධාරණය කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now