සියල්ලන්ටම රහසේ පුංචි පුතු ඝාතනය කර මවත් අවසන් ගමන් යයි..

Sri Lanka Police Ratnapura Sri Lanka Police Investigation Crime
By Sewvandhi Dec 28, 2023 03:29 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

තේ වත්තක ලයින් කාමරයක තිබී රත්නපුර ඇළපාත කෙහෙල්ඕවිටිගම ප්‍රදේශයේ දී, එක්දරු මවකගේ සහ ඇයගේ කුඩා පුතුගේ මළ සිරුරු සොයාගෙන ඇත.

එම කාන්තාව විසින් සිය පුතු ඝාතනය කර අනතුරුව සියදිවි හානිකරගෙන ඇති බවටයි, පොලීසිය සැකපළ කරන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ 21 හැවිරිදි වියේ පසුවූ එක්දරු මවක් සහ වයස අවුරුදු 02ක කුඩා පිරිමි දරුවෙකි.

සියල්ලන්ටම රහසේ පුංචි පුතු ඝාතනය කර මවත් අවසන් ගමන් යයි.. | Mother And Son Died Ratnapura Kehelovitagama

ඇයගේ සැමියා මීට දින කිහිපයකට පෙර නිවසින් පිටව ගොස් ඇති බවයි, පොලීසිය සිදුකළ පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.එම මරණ සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර තිබේ.

මෘත දේහයන් පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා රත්නපුර ශික්ෂණ රෝහල වෙත යොමුකර ඇත. ඇළපාත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.