තරුණ තරුණියන්ට අමුතුම එන්නතක් දුන් මව සහ දියණිය මාට්ටු වෙයි..නිවස අවටින් අමුතු දේවල් 300ක් හමුවෙයි..
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තරුණ තරුණියන්ට එන්නත් මගින් එම මත්ද්‍රව්‍ය ලබාදී රුපියල් ලක්ෂ ගණනින් මුදල් ඉපයූ බව කියන මවක සහ දියණියක කඩුගන්නාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කඩුගන්නාව රජවත්ත ප්‍රදේශයේදී ඉතා දීර්ඝ කාලයක් තිස්සේ කරගන්න ගොස් ඇති මෙම ජාවාරම පොලිස් නිලධාරීන්ට වැටලිය නොහැකි ආකාරයට ආරක්ෂක විධිවිධාන සහ ඔත්තුකරුවන් යොදාගනිමින් කරගන්න ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සැකපිට අත්අඩංගුවට ගත් මව සහ දියණිය දියණියගේ ජංගම දුරකථන දත්තවලට අනුව මොවුන් ඇතැම් දිනවල මේ ආකාරයෙන් මත්ද්‍රව්‍ය එන්නත් ලබාදී රුපියල් ලක්ෂ 05කට අධික මුදල් උපයා ඇති බව අනාවරණය වී තිබේ.
පුද්ගලයකුට එක්වරක් මත්ද්‍රව්‍ය එන්නතක් ලබාදීම සඳහා රුපියල් 3000-4000 ත් අතර මුදලක් ලබාගෙන තිබෙන බව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ .
වැටලීම සිදු කිරීමෙන් අනතුරුව එම නිවස තුළ හා අවට භූමිය තුළ මත්ද්‍රව්‍ය එන්නත් කිරීමට යොදාගත් එන්නත් කටු 300 ක් පමණ පොලිසිය විසින් සොයාගෙන තිබේ .
මෙම මවට සහ දියණියට හෙරොයින් ළඟ තබා ගැනීමේ සිද්ධීන්ට අදාළ නඩු ගණනාවක් මහාධිකරණයේ විභාග වෙමින් තිබෙන බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙන අතර සැකකාර කාන්තාවගේ පුතුන් දෙදෙනාද මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් බව පොලීසිය කියයි .
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |