ගිනිගත් නිවසේ සිටි මව සහ 17ත් හැවිරිදි දියණිය මියයයි..

police Dharamapuram Wishvamadu house burn
By Sewvandhi Jan 22, 2022 03:28 AM GMT
Report

ධර්මපුරම්, විශ්වමඩු ප්‍රදේශයේ නිවසක් ගිනිගෙන මවක් සහ දියණියක් මියගොස් තිබේ.

ඊයේ (21) පස්වරුවේ අදාළ ගින්න හටගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

මෙලෙස මියගොස් ඇත්තේ 47 හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ 17 හැවිරිදි දියණියක බව සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරික්ෂණය සහ පශ්චාත් මරණ පරික්ෂණය අද (22) සිදුකිරීමට නියමිත අතර ධර්මපුරම් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now