යළිත් සාලාව කරළියට..මෝටාර් උණ්ඩයක් පුපුරා යයි..15 දරුවෙකුට බරපතලයි.

Police Accident National hospital Mortar blast Salawa camp
By Aruna Jan 28, 2022 06:22 AM GMT
Report

2016 වසරේ සාලාව හමුදා කඳවුර පුපුරා ගිනි ගත් අවස්ථාවේ නිවසකට ගෙනැවිත් අලංකරණයට තබා තිබූ මෝටාර් උණ්ඩයක කොටසක් පුපුරා යාමෙන් 15 දරුවෙකුට බරපතල තුවාල ලබා තිබෙනවා.

මේ වන විට තුවාල ලැබූ දරුවා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කොට ඇත.

මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකා දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයට ලද තොරතුරකට අනුව දික්වැල්ල පොලිස් වසමේ අළුත්ගොඩ ප්‍රදේශයේ දී වැටලීමක් සිදු කර තිබෙනවා.

ඊයේ (27) පසවරුවේ දී සිදු කළ මෙම වැටලීමෙන් විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුණා.

සැකකරු සන්තකයේ තිබී සොයා ගත් ජීව අත් බෝම්බය එස්.එෆ්.ජී.වර්ගයට අයත් වන අතර, හෙතෙම 30 හැවිරිදි වියෙහි පසුවන නාකුළුගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි වාර්තා වන්නේ.

සැකකරුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දික්වැල්ල පොලීසියට භාර දී තිබෙනවා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now