තම ජීවිතයම නැතිකර ගැනීමට කට්ටඩියා කළ යෝජනාව..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Aug 19, 2023 08:57 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

මොරගහහේන, කිරිවත්තුඩුව, යකහලුව ප්‍රදේශයේ පදිංචි කට්ටඩියෙකු ලෙස කටයුතු කළ 40 හැවිරිදි පුද්ගලයෙකු, තලගල ප්‍රදේශයේ නිවසක් තුළදී තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබේ.

කාන්තාවක ඇතුළු සිව්දෙනෙකු පැමිණ මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලීසිය පැවසුවේ.පහරදීම සිදුකළ අයුරු අසළ සිටි අයෙක් විසින් රූපගත කර තිබුණි.

පොලීසිය පවසන්නේ, ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුව පොලීසිය මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බවයි.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, ඝාතනයට ලක්වූ පුද්ගලයා කට්ටඩියෙකු ලෙස සැකකරුවන්ගේ නිවසකට ගොස් මීට දින කිහිපයකට ඉහතදී එම නිවසේ දියුණුව සඳහා යාතිකාවක් සිදුකර ඇති බවය.

එම අවස්ථාවේදී කට්ටඩියා සිදුකළ අයුතු යෝජනාවකට එම නිවසේ කාන්තාව අකමැතිවී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අනතුරුව එම නිවැසියන්ට නොයෙකුත් කරදර දෙන අන්දමේ යම් දෙයක් කට්ටඩියා විසින් සිදුකළ බව පවසමින් ප්‍රධාන සැකකරු ඊයේ (18) සවස තවත් පිරිසක් සමග පැමිණ සිදුකළ පහරදීමකින් කට්ටඩියා මියගොස් ඇති බව පොලීසිය පැවසීය.